සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය අතර ත්‍රිපාර්ශ්වික පොදු ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගිවිසුමට අනුව, රටවල් තුනෙන් එකකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක් සියල්ලන්ටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකා හමුදාමය වශයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇත. ඕනෑම ආක්‍රමණශීලී ක්‍රියාවකට එරෙහිව සාමූහික වැළැක්වීමේ බලය ගොඩනැගීම සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණ වී තිබේ.














