පල්ලන්සේන බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර තුවාල ලැබූ රැඳවියන් 28 දෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබේ.
අද (07) උදෑසන මෙම බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකකය සහ ගුවන් හමුදාව කැඳවීමට පියවර ගනු ලැබීය. තත්ත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්රහාරයක්ද එල්ල කළ ආරක්ෂක අංශ, පසුව බන්ධනාගාරයේ පාලනය සම්පූර්ණයෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතට ගැනීමට කටයුතු කළේය.














