වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා සමස්ත ඩෙංගු රෝගීන් 88,522 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ වන විට ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 63ක් සිදුව ඇති අතර, රෝගී මරණ අනුපාතය සියයට 0.07ක් ලෙස සටහන් වේ. විශේෂයෙන් අගෝස්තු මාසයේ ගත වූ මුල් දින 6 තුළ පමණක් රෝගීන් 3,175 දෙනෙකු වාර්තා වී තිබීම සැලකිය යුතු වර්ධනයකි. සමස්ත රෝගීන්ගෙන් 52.96ක් (46,885ක්) බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, දිස්ත්‍රික්ක අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් (18,832ක්) වේ. තවදුරටත් දිවයින පුරා අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 119ක් හඳුනාගෙන ඇත.














