බන්ධනාගාරවල පවතින නොසන්සුන්කාරී තත්ත්වයන් සහ රැඳවියන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.
රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් රැඳවියන්ට දීර්ඝ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගත වීමට සිදුව ඇති බව පිළිගත් අමාත්‍යවරයා, ඒ සඳහා මේ වන විට නව කාර්ය මණ්ඩල බඳවා ගනිමින් සහ නව යන්ත්‍රෝපකරණ ගනිමින් එම කටයුතු කඩිනම් කර ඇති බව පැවසීය. මීට අමතරව, මත්ද්‍රව්‍යවල ශුද්ධ බර ප්‍රමාණය ග්‍රෑම් 10 ඉක්මවීම නිසා අභියාචනාධිකරණයට යෑමේදී සිදුවන ප්‍රමාදයන් වළක්වාලමින්, අදාළ නීති සංශෝධනය කර මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමේ හැකියාව නැවත ඇති කිරීමට අමාත්‍ය මණ්ඩලයට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බව හෙතෙම සඳහන් කළේය. කූට අරමුණු ඇති පිරිස්වල උසිගැන්වීම් මත බන්ධනාගාර තුළ කළහකාරී ලෙස හැසිරී රජයේ සම්පත් විනාශ නොකරන ලෙසත්, ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා රැඳවියන්ගෙන් ඉල්ී සිටියේය.














