බන්ධනාගාරවල පවතින තත්ත්වය සහ රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙරට බන්ධනාගාර 33හිම රැඳවියන්ගේ ආරක්ෂාව, සුභසාධන කටයුතු සහ ඔවුන් මුහුණ දී සිටින ගැටලු සොයා බැලීමට නව ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට මෙහිදී තීරණය කෙරුණි. ඒ අනුව, බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ අවශ්‍ය අවස්ථාවලදී ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත මෙම යාන්ත්‍රණය ඉදිරි සතියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඔවුන් රැඳවියන් සමඟද සාකච්ඡා කිරීමට අපේක්ෂා කරයි.














