උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පවතින ගුරු හිඟයට විසඳුම් ලබා දීම සඳහා මේ වසර (2026) අවසන් වීමට පෙර ප්‍රමුඛතා පදනම මත ගුරු බඳවාගැනීම් සිදු කරන බව අගමැති සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කර තිබේ.
පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීමේදී අගමැතිවරිය මේ බව සඳහන් කළ අතර, අදාළ පළාත්වල මතු වන ගුරු හිඟයට ස්ථිර දිගුකාලීන ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද අවධාරණය කළාය. එසේම, එම පළාත්වල පාසල් ගොඩනැගිලි සහ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන ලෙසද ඇය නිලධාරීන්ට උපදෙස් දී ඇත.














