තායිලන්තයේ බැංකොක් අගනුවර ආසන්න පාසලක සහ නිවෙසක 14 හැවිරිදි සිසුවෙකු විසින් සිදු කරන ලද වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පළමුව සිය සීයා සහ ආච්චි වෙඩි තබා ඝාතනය කර ඇති මෙම යොවුන් ප්‍රහාරකයා, පසුව බැංකොක්හි ‘ඩෙබ්සිරින් නොන්තාබුරි’ (Debsirin Nonthaburi) පාසලට ගොස් ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු වෙඩි තබා මරා දමා ඇත. ඉන් අනතුරුව ඔහුද වෙඩි තබාගෙන ආත්මහත්‍යා කරගෙන ඇති අතර, මෙම සිද්ධියෙන් තවත් 23 දෙනෙකු තුවාල ලබා තිබේ. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඇති වූ මානසික ආතතියක් හේතුවෙන් මෙම ඛේදවාචකය සිදුව ඇති බව එරට අගමැති අනුටින් චර්න්විරකුල් (Anutin Charnvirakul) ප්‍රකාශ කර ඇති අතර, නව තුවක්කු පාලන නීති හඳුන්වා දීමටද ඔහු ප්‍රතිඥා දී ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














