රත්මලාන ගොනා කෝවිල ප්‍රදේශයේ නිවෙසක සිදු කළ වැටලීමකදී කඩු 3ක්, කෙටේරියක්, කිනිසි 3ක්, මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැකකරුම රුපියල් ලක්ෂ තුනක මුදලක් සමඟ සැකකරුවන් 6 දෙනෙකු ගල්කිස්ස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස පොලිසියේ විශේෂ යතුරුපැදි බලකායේ නිලධාරියෙකු විසින් රත්මලාන ආතර් පෙදෙස ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1ක් (මිලිග්‍රෑම් 1,000ක්) සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් මධ්‍යස්ථානය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත. අදාළ නිවෙසේ ඇතුළුවන දොරටුවේ ‘සුපුන් සර්පයා ඇතුළුවීම තහනම්’ යනුවෙන් සඳහන් කර තිබූ බවද වාර්තා වේ.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු 29 හැවිරිදි අයෙකු වන අතර, අනෙක් සැකකරුවන් 22, 24, 33, 36 සහ 51 යන වයස්වල පසුවන රත්මලාන, නාවලපිටිය සහ ඇහැලියගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිත අතර, පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















