නුවරඑළිය පොලිස් කොට්ඨාශයේ 2026 ජනවාරි සිට මැයි 31 දින දක්වා කාලය තුළ කාර්යක්ෂමව රාජකාරී ඉටු කළ පොලිස් නිලධාරීන් 22 දෙනෙකු සඳහා පොලිස් තෑගි අරමුදලින් මුදල් තෑගි පිරිනැමීමේ උත්සවයක් අගෝස්තු 06 වන දින මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශාලාවේදී පැවැත්විණි.
රථවාහන පාලනය, මත්ද්‍රව්‍ය වැටලීම්, අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සහ අපරාධ වැළැක්වීම යන අංශවලින් විශිෂ්ට කාර්යක්ෂමතාවක් පෙන්නුම් කළ නුවරඑළිය පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථාන 9ක නිලධාරීන්ට මෙලෙස තෑගි මුදල් පිරිනමන ලදී.
නුවරඑළිය කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩර මහතාගේ සංවිධානයෙන් පැවති මෙම උත්සවය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරී තෙන්නකෝන්, නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර, හැටන් සහකාර පොලිස් අධිකාරි චන්දන බස්නායක ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගී වී සිටියහ.
















