අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඩොලර් මිලියන 400ක වියදමින් ධවල මන්දිරයේ උත්සව ශාලාවක් ඉදිකිරීමට කර තිබූ සැලැස්ම නතර කරන ලෙස එරට ෆෙඩරල් අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ 2ට 1ක බහුතර කැමැත්ත මත මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම ඉදිකිරීම් ව්‍යාපෘතිය සඳහා කොංග්රස් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය බව අධිකරණය පෙන්වා දී ඇත. කොංග්රස් අනුමැතියකින් තොරව ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ධවල මන්දිරයේ නැගෙනහිර කොටස කඩා දැමීමට එරෙහිව ගොනු කර තිබූ නඩුවකදී මීට පෙර ලබා දී තිබූ තාවකාලික තහනම් නියෝගය ද අධිකරණය විසින් මෙහිදී තහවුරු කර තිබේ. කෙසේ වෙතත්, මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ට්‍රම්ප් සැලසුම් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.














