බැංකොක්හි පාසලක සිසුවෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ, ගිනිඅවි සම්බන්ධ පවතින නීති දැඩි ලෙස සංශෝධනය කිරීමට තායිලන්ත රජයේ අවධානය යොමු වී තිබේ.
පොදු ස්ථානවලට ගිනිඅවි රැගෙන යාම තහනම් කිරීමටත්, රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට පමණක් ආයුධ භාවිත කළ හැකි වන පරිදි නීති වෙනස් කිරීමටත් කටයුතු කරන බව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය වෙත පවසා ඇත. බැංකොක් නගරයේ පාසලක ඊයේ (07) සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පාසල් ගුරුවරුන් 5 දෙනෙකු ඇතුළු 8 දෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකු පමණ තුවාල ලැබූ අතර, 14 හැවිරිදි අදාළ සිසුවා පාසලට යාමට පෙර තම මිත්තනිය සහ සීයාද ඝාතනය කර එම ගිනි අවියෙන්ම සියදිවි හානිකරගෙන තිබේ.














