ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් (SDIG) සිව්දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් සහ අලුතින් වැඩබැලීමේ පත්වීම් ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
ඒ අනුව, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සබරගමුව පළාත භාරවද, උතුරු පළාතේ සිටි බුද්ධික සිරිවර්ධන මහතා දකුණු පළාත භාරවද පත් කර ඇති අතර, විශේෂ ආරක්ෂණ රාජකාරියේ සිටි කේ.පී. කරුණානායක මහතා උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර තිබේ. මීට අමතරව ළමා හා කාන්තා කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාට එම තනතුරට අමතරව පුහුණු හා උසස් පුහුණු තනතුරේ වැඩබැලීමේ වගකීමද පවරා ඇත.














