දේශීය හෙළ වෙදකම සහ පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ කිරීමේ සංවිධානාත්මක උත්සාහයක වත්මන් රජය නිරත වන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.
පාරම්පරික වෛද්‍ය ශිෂ්‍ය එකමුතුව සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරත ගුරුවරුන්ට අනවශ්‍ය ලෙස වයස් සීමා පැනවීම, ශිෂ්‍ය පුහුණු කාලසීමාවන්ට සීමා පැනවීම මෙන්ම මීට පෙර නොතිබූ නව කොන්දේසි පැනවීම හරහා මෙම පාරම්පරික උරුමය විනාශ මුඛයට ඇද දමමින් සිටින බවයි. කවුරුන් කෙලෙස බාධා කළද දේශීය හෙළ වෙදකම, පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සහ ආයුර්වේදය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අවශ්‍ය සියලුම නායකත්වය සහ ශක්තිය තමන් ඉදිරියටත් ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














