ඉන්දියාවේ උත්තරාකණ්ඩ ප්‍රාන්තයේ පදිංචි රේණු ධාරියල් (Renu Dhariyal) නමැති තරුණියක් ජීවත්ව සිටින කාන්තාවකගේ දිගම කෙස් කළඹ සඳහා වන ගිනස් ලෝක වාර්තාව බිඳ දැමීමට සමත් වී තිබේ.
ඇය 2015 වසරේ සිට මේ දක්වා කිසිදු දිනක තම හිසකෙස් කපා නොමැති අතර, ඇයගේ හිසකෙස්වල වර්තමාන දිග අඩි 8යි අඟල් 10ක් (සෙන්ටිමීටර 271.5ක්) ලෙස වාර්තා වේ. මීට පෙර යුක්‍රේන ජාතික කාන්තාවක් සතුව තිබූ දිගම කෙස් කළඹට හිමි ගිනස් ලෝක වාර්තාව මෙලෙස අභිබවා යාමට රේණු ධාරියල් සමත්ව ඇත.














