උතුරු කොරියාව විසින් රුසියාව වෙත සෙබළුන් 50,000කට ආසන්න ප්‍රමාණයක් යෙදවීමට ඉඩ ඇති බවට යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelensky) චෝදනා කර තිබේ. රුසියාව සහ උතුරු කොරියාව අතර හමුදාමය සහ උපායමාර්ගික සබඳතා තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින පසුබිමක, යුක්‍රේනයට එරෙහි යුද මෙහෙයුම් සඳහා සහාය වීමට මෙලෙස උතුරු කොරියානු සෙබළුන් යෙදවීමේ සූදානමක් පවතින බව යුක්‍රේන ජනාධිපතිවරයා පෙන්වා දෙයි. මෙම තත්ත්වය හමුවේ යුක්‍රේන-රුසියානු ගැටුම තවදුරටත් ප්‍රබල ජාත්‍යන්තර මානයකට යොමු වීමේ අවදානමක් පවතින බව විචාරකයෝ සඳහන් කරති.














