චීනයට මේ වසරේ බලපෑ ප්‍රබලම නිවර්තන කුණාටුව වන ‘ඩොල්ෆින්’ (Typhoon Dolphin) සුළි කුණාටුව එරට නැගෙනහිර වෙරළ ප්‍රදේශයට කඩා වැදී ඇති අතර, මේ හේතුවෙන් අධික වර්ෂාපතනයක් සහ තද සුළං තත්ත්වයක් හටගෙන ඇතැයි බලධාරීන් පවසයි.
පැයට කිලෝමීටර් 151ක උපරිම වේගයකින් යුතු මධ්‍යකාලීන සුළි කුණාටුවක් ලෙස ෂෙජියැං (Zhejiang) පළාතේ යුහුවාන් ප්‍රදේශයට ඉරිදා සවස කඩා වැදුණු මෙම කුණාටුව හේතුවෙන්, ප්‍රවාහන සේවාවලට දැඩි බාධා එල්ල වී ඇති අතර මිලියනයකට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මීට පෙර ජපානයේ ඔකිනාවා ප්‍රදේශයට බලපෑ මෙම කුණාටුව හේතුවෙන් ගොඩනැගිලි 50,000කට වැඩි ප්‍රමාණයක විදුලිය විසන්ධි වී ඇති අතර, ෂැංහයි සහ ෂෙජියැං ඇතුළු ප්‍රදේශ රැසක ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කර ඇත. අධික වර්ෂාවත් සමඟ හටගත හැකි ගංවතුර සහ නායයෑම් අවදානම් හේතුවෙන් හදිසි ආපදා අංශ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරමින් දැඩි විමසිල්ලෙන් පසුවේ.














