ඉරාන යුද්ධය අඛණ්ඩව පැවතීම හේතුවෙන් යුධ ගබඩා ක්ෂය වීම පිළිබඳ මතුව ඇති කනස්සල්ල හමුවේ, අවි නිෂ්පාදනය කඩිනමින් ඉහළ නංවන ලෙස එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව (පෙන්ටගනය) එරට හමුදා කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඉල්ලා තිබේ.
ආරක්ෂක නියෝජ්‍ය ලේකම් ස්ටීව් ෆයින්බර්ග් (Steve Feinberg) විසින් පසුගිය බදාදා නිකුත් කරන ලද සංදේශයක දැක්වෙන්නේ, තීරණාත්මක යුධ උපකරණ සහ හැකියාවන් සඳහා වඩාත් වේගවත්, ආක්‍රමණශීලී බෙදාහැරීමේ කාලසටහන් හෝ නිෂ්පාදන වැඩි කිරීමේ සැලසුම් ඉදිරිපත් කිරීමට කර්මාන්තශාලා ප්‍රධානීන් වෙත දින 21ක උපරිම කාලයක් ලබා දී ඇති බවයි. 2028 මූල්‍ය වර්ෂයේ අයවැය සඳහා මෙම පියවර පදනම් වන බව ප්‍රධාන පෙන්ටගන ප්‍රකාශක ෂෝන් පර්නෙල් (Sean Parnell) තහවුරු කර ඇති අතර, වත්මන් තර්ජනවලට ගැළපෙන පරිදි අවි නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම මෙහි අරමුණ වී තිබේ.














