කල් ඉකුත් වූ වෛද්‍ය උපකරණ සහ රසායනික ද්‍රව්‍ය ගබඩා කර භාවිත කිරීම මෙන්ම රුධිර පරීක්ෂණයක් සඳහා රෝගීන්ගෙන් වැඩි මුදලක් අය කිරීම සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන් කෑගල්ලේ පෞද්ගලික රෝහල් කළමනාකාරීත්වයට රුපියල් 520,000ක දඩයක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් ජූලි 24 වන දින සිදු කරන ලද විශේෂ වැටලීමකින් අනතුරුව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකාරිය හමුවේ මෙම නඩුව පවරා තිබුණි. එහිදී රෝහල් රසායනාගාරය තුළ කල් ඉකුත් වූ HCV රැපිඩ් පරීක්ෂණ කට්ටල සහ රසායනික ද්‍රව්‍ය මෙන්ම රෝහල් ඔෂධගාරය තුළ අලෙවි කිරීමට ප්‍රදර්ශනය කර තිබූ කල් ඉකුත් වූ සිරින්ජර් කටු (hypodermic needles) සොයාගෙන ඇත. තවද, පාලන මිල රුපියල් 400ක් වූ සම්පූර්ණ රුධිර ගණනය කිරීමේ (FBC) පරීක්ෂණය සඳහා රෝහල විසින් රුපියල් 500ක මුදලක් අය කර තිබූ බව අනාවරණය විය.
කෑගල්ල මහේස්ත්‍රාත් අධිකාරිය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී රෝහල් කළමනාකාරීත්වය චෝදනා තුනටම වරද පිළිගත් අතර, ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම දඩ මුදල නියම කරන ලදී. කල් ඉකුත් වූ ඖෂධ, රසායනික ද්‍රව්‍ය හෝ නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කරන පෞද්ගලික රෝහල් හෝ රසායනාගාර පිළිබඳව 1977 අංකයට අමතා පැමිණිලි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ී සිටී.














