චීනයේ Zhejiang පළාතට බලපෑ ‘ඩොල්ෆින්’ (Dolphin) සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් සිදු වූ හානි පිළිසකර කිරීම සඳහා චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම විසින් චීන යුවාන් මිලියන 200ක හදිසි ප්‍රතිපාදන මුදලක් වෙන් කර තිබේ.
චීන ජනාධිපති ෂී ජින්පිංගේ උපදෙස් සහ ජාතික ස්වාභාවික ආපදා සහන හදිසි සැලැස්ම පදනම් කරගනිමින් මධ්‍යම අයවැයෙන් මෙම මුදල වෙන් කර ඇත. පසුගිය 9 වැනිදා රාත්‍රියේ Zhejiang පළාතේ Yuhuan සහ Yueqing නගර වෙත කඩා වැදුණු මෙම සුළි කුණාටුව හේතුවෙන් එම ප්‍රදේශවලට දැඩි හානි සිදුවූ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් චීන බලධාරීන් විසින් IV වන මට්ටමේ ජාතික හදිසි ප්‍රතිචාරයක් ද සක්‍රීය කරනු ලැබීය.
මේ අතර, ‘ඩොල්ෆින්’ සුළි කුණාටුවේ ප්‍රවණතා සහ බලපෑම තක්සේරු කිරීම සඳහා චීන ජල සම්පත් අමාත්‍යාංශය විශේෂ උපදේශන රැස්වීමක් පවත්වා ඇති අතර, ඉදිරි ගංවතුර සහ වැසි කුණාටු අවදානම් කළමනාකරණය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ද සංවිධානය කර තිබේ.














