ඉරානයට එරෙහිව ඉදිරියේදී තවත් මිලිටරි තර්ජන එල්ල වුවහොත් ලොව පුරා පැතිරී ඇති සැතපුම් ලක්ෂ සංඛ්‍යාත බලශක්ති සම්ප්‍රේෂණ මාර්ග සහ දහස් සංඛ්‍යාත විදුලි බලාගාර ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) තර්ජනය කර තිබේ.
එක්සත් ජනපදයට පමණක් සීමා නොවී ලෝකයේ වෙනත් රටවල යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කර ගැනීමට ටෙහෙරාන් රජය සූදානම් වීම මඟින් පෙන්නුම් කරන්නේ, තමන්ට එරෙහිව එල්ල වන පීඩනවලට එරෙහිව මුළුමන්ම සම්බන්ධිත ලෝකයම ප්‍රාණ ඇපයට ගැනීමට ඔවුන් සූදානම් බවයි. මෙම තත්ත්වය හමුවේ ‘අන්‍යෝන්‍ය වශයෙන් සහතික කළ විනාශය’ (MAD – Mutually Assured Destruction) වෙනුවට ‘අන්‍යෝන්‍ය වශයෙන් සහතික කළ කඩාකප්පල්කාරීත්වය’ (Mutually assured disruption) නව මූලධර්මය වී ඇති බව ජාත්‍යන්තර ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්













