පේරාදෙණිය කළු පාලම අසල නඩත්තු කටයුතු කරමින් තිබියදී හදිසි ගංවතුරට හසුවී යට වූ බැකෝ යන්ත්‍ර, ජල මට්ටම පහළ යාමත් සමඟ යළි මතු වීමට පටන් ගෙන ඇති බව පෙරේදා (10) වාර්තා විය.
පේරාදෙණිය සහ සරසවි උයන දුම්රිය ස්ථාන අතර මහවැලි ගඟ හරහා ඉදි කර ඇති මෙම දුම්රිය පාලම ‘කළු පාලම’ ලෙස හැඳින්වේ. පසුගිය ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානි වූ මෙම පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් තිබියදී, පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය නිසා එම ස්ථානයේ සේවයේ යෙදී තිබූ බැකෝ යන්ත්‍ර ඇතුළු යන්ත්‍රෝපකරණ කිහිපයක් මෙලෙස ජලයෙන් යට වී තිබිණි.














