විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉතා සාර්ථක සාකච්ඡාවක් පැවැත්වුණු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා සඳහන් කළේ, මෙම සාකච්ඡාවෙන් පසු අදාළ තීරණයේ යම් වෙනසක් සිදුවනු ඇතැයි තමන් දැඩි ලෙස බලාපොරොත්තු වන බවයි.
















