2026 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව අගෝස්තු 09 දින වන විට 14 ලක්ෂයේ සීමාව ඉක්මවා යමින් 1,408,620ක් ලෙස සටහන් වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
අගෝස්තු මාසයේ මුල් දින 9 තුළ පමණක් විදෙස් සංචාරකයින් 65,202ක් දිවයිනට පැමිණ ඇති අතර, එය දෛනිකව 7,244ක සාමාන්‍යයකි. මෙම ධනාත්මක ප්‍රවණතාව ඉදිරියටත් පවත්වා ගතහොත් අගෝස්තු මාසය තුළ සංචාරකයින් 225,000ක ඉලක්කය සපුරා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති ප්‍රධාන මූලාශ්‍ර වෙළෙඳපොළ ලෙස ඉන්දියාවෙන් 351,713ක් සහ එක්සත් රාජධානියෙන් 137,861ක් ලෙස පෙරමුණ ගෙන සිටී.
















