2027 සිට 2031 දක්වා වූ කාලසීමාව තුළ මෙරට වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය නගාසිටුවීම සඳහා රුපියල් මිලියන 42,000කට ආසන්න මුදලක් වෙන්කිරීමට රජය සැලසුම් කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කර තිබේ.
මෙමඟින් වෘත්තීය අධ්‍යාපනය හදාරන සිසුන්ට සහ එම ක්ෂේත්‍රයේ සංවර්ධනයට පුළුල් පහසුකම් සැලසීමට අපේක්ෂා කෙරේ.
















