කොළඹ කොටස් වෙළෙඳපොළ ප්රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකය අද (12) දිනයේදී ඒකක 20.87ක වර්ධනයක් වාර්තා කරමින් නැවත වරක් ඒකක 6,000 සීමාව ඉක්මවා යාමට සමත් විය.
දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ද ඒකක 15.77ක සුළු ඉහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව, දින ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,418.57ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 6,004.01ක් ලෙසත් සටහන් විය. අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 2.05ක් ලෙස වාර්තා වී තිබේ.
















