ප්‍රංශයේ පැරිස් චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපළ ආසන්නයේ Louvres හි Avenue de la Gare ප්‍රදේශයේ පිහිටි වාණිජ ගබඩාවක සහ ඊට අනුබද්ධ වාහන නැවැත්වීමේ ස්ථානයක අගෝස්තු 11 වන දින උදෑසන දැවැන්ත ගින්නක් හටගෙන තිබේ.
මෙම ගින්න හේතුවෙන් වාහන රැසක් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ගබඩා පරිශ්‍රයට දැඩි හානි සිදුව ඇති අතර, අහසට නැගුණු විශාල කළු දුම් රොටුව මුළු ප්‍රදේශයටම පැහැදිලිව දර්ශනය විය. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් 80 දෙනෙකු පමණ යොදවා ඇති අතර, ආරක්ෂිත පියවරක් ලෙස අසල මාර්ග කිහිපයක් වසා දමා ප්‍රදේශවාසීන් ඉවත් කිරීමට ද බලධාරීන් කටයුතු කර ඇත. මෙම හදිසි තත්ත්වය හමුවේ චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපළේ ධාවන පථ 4න් 2ක් තාවකාලිකව වසා දැමුණු අතර, එක් ගුවන් ගමනක් ද නවතා තැබීමට සිදු විය. කෙසේ වෙතත්, ගුවන් ගමන් පුළුල් ලෙස අවලංගු කිරීමක් හෝ වෙනත් ගුවන්තොටුපළවලට යොමු කිරීමක් සිදුව නොමැති අතර, ගුවන් ගමනාගමනයට විශාල බාධාවක් වී නොමැති බව වාර්තා වේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ඒ පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මකයි.
















