මලල ක්‍රීඩා ඉතිහාසයේ දීර්ඝතම කාලයක් නොබිඳී පවතින ලෝක වාර්තාව ලෙස කාන්තා මීටර් 800 ඉසව්වේ වාර්තාව සැලකේ. වසර 43ක් පුරා එම වාර්තාව අභිබවා යාමට ලෝකයේ කිසිදු ක්‍රීඩිකාවකට හැකිවී නැත.
අද වන විට ක්‍රීඩා පාවහන් තාක්ෂණය, නවීන පුහුණු ක්‍රමවේද, පෝෂණය මෙන්ම ශරීර ප්‍රතිසාධනය පිළිබඳ දැනුම පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබුණද, මෙම ઐතිහාසික වාර්තාව තවමත් එලෙසම පැවතීම විශේෂත්වයකි.















