අයිස්, හෙරොයින් සහ මත්කරල් සන්තකයේ තබාගෙන සිටියදී වස්කඩුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින 45 හැවිරිදි හිමිනමක් මොරටුව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මොරටුව පොලිස් බල ප්‍රදේශයට අයත් කොරළවැල්ල ප්‍රදේශයේ නිවසකට පැමිණ මත්ද්‍රව්‍ය මිලදී ගන්නා අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, උන්වහන්සේ කාලයක සිට මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බව පොලීසිය පවසයි. සැකකාර හිමිනම අද දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
















