අමෙරිකානු ධවල මන්දිරයේ ඉදිකිරීම් සහ නවීකරණ කටයුතු සඳහා අවම වශයෙන් ඩොලර් මිලියන 900ක් වැය කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනාධිකාරිය සූදානම් වන බව වොෂින්ටන් පෝස්ට් (Washington Post) පුවත් සේවය වාර්තා කරයි.
මෙම දැවැන්ත නවීකරණ ව්‍යාපෘතිය සඳහා සෘජුවම අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයෙන් අරමුදල් ලබාගන්නවා වෙනුවට, විකල්ප ක්‍රමයක් ලෙස වෙනත් රාජ්‍ය ආයතනවලින් සහ පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් එකතු කිරීමට කටයුතු කර ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.
















