විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර බස් රථ ධාවනයේ යෙදුණු බස් රථ රියැදුරෙකු සහ කොන්දොස්තරවරුන් තිදෙනෙකු පාදුක්ක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාදුක්ක නගරය හරහා ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කරගනිමින් (12) දින මෙම විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාව පවත්වන ලදී. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ පාදුක්ක පොලිසිය එක්ව සංවිධානය කළ මෙම මෙහෙයුමේදී බස් රථ කාර්ය මණ්ඩල සාමාජිකයන් 100 කට වැඩි පිරිසක් පරීක්ෂාවට ලක් කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා (13) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.














