දකුණු ආසියාවේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධ දත්ත සංඛ්‍යාලේඛනවලට අනුව පාකිස්තානයේ වඩාත්ම අනතුරුදායක ප්‍රාන්තය ලෙස බලුකිස්තානය පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය ජූලි මාසය බලුකිස්තානයේ වසරේ වැඩිම ප්‍රචණ්ඩකාරී සිදුවීම් වාර්තා වූ මාසය බවට පත්ව ඇති අතර, එම දත්ත වාර්තාවන්ට අනුව එරට කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයද අබිබවා යමින් බලුකිස්තානය වඩාත්ම නොසන්සුන් ප්‍රාන්තය ලෙස ඉස්මතු වී තිබේ.
පසුගිය මැයි මාසයේ බලුකිස්තානයේ ක්වේටා නගරයේ දුම්රියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමඟ එම ප්‍රාන්තය ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා එරට වඩාත්ම අවදානම් සහිත කලාපය බවට පත්විය. පසුගිය ජූලි මාසයේ පමණක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සහ සැඟවී සිට පහර දීම් ඇතුළු ත්‍රස්ත ක්‍රියාකාරකම් 176ක් වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එම ප්‍රහාරවලින් ආරක්ෂක අංශයේ සාමාජිකයන් 127 දෙනකු ඇතුළුව පුද්ගලයන් 438 දෙනකුට දිවි අහිමි වී තිබේ.
මේ වසරේ ජනවාරියේ සිට ජූලි දක්වා කාලය ඇතුළත කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයෙන් ප්‍රහාර 574ක් සහ මරණ 1,196ක් වාර්තා වී ඇති අතර, බලුකිස්තාන ප්‍රාන්තයෙන් ප්‍රචණ්ඩකාරී සිදුවීම් 765ක් සහ මරණ 1,600ක් වාර්තා වී ඇතැයි වාර්තා වේ.














