අමෙරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ සලාඩෝ (Salado) නගරය ආසන්නයේදී අමෙරිකානු හමුදාවට අයත් AH-64 ඇපචි (Apache) ප්රහාරක හෙලිකොප්ටර් යානයක් බිම වැටී සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.
විවෘත බිම් ප්රදේශයකට යානය කඩා වැටීම හේතුවෙන් හදිසි තණකොළ ගින්නක් හටගත් අතර, ඒ නිසා ප්රදේශයේ මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දැමීමට බලධාරීහු කටයුතු කළහ. මෙය “ප්රචණ්ඩකාරී අනතුරක්” (violent crash) ලෙස බලධාරීන් විසින් හඳුන්වා දී ඇති නමුත්, අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















