මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
පොහොර සම්බන්ධයෙන් ගොවීන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සෙවීම සහ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, මේ වන විට රුපියල් මිලියන 160ක මුදලක් ගොවීන්ගේ ගිණුම් වෙත පොහොර සහනාධාර ලෙස බැර කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තහවුරු කළේය. ඊට අමතරව, ළඟදීම තවත් රුපියල් මිලියන 177ක මුදලක් ගොවීන්ගේ ගිණුම්ගත කිරීමට කටයුතු යොදා ඇති අතර, ගොවි විශ්‍රාම වැටුප් ලෙස ගොවීන් 10,215 දෙනෙකු සඳහා රුපියල් මිලියන 261ක් ගිණුම්ගත කර ඇති බව කෘෂි රක්ෂණ මණ්ඩලය ප්‍රකාශ කළේය.
මෙහිදී වන්සතුන්ගෙන් සිදුවන වගා හානි අවම කිරීම, 2026/2027 එල් නිනෝ තත්ත්වය හමුවේ තිරසර කෘෂිකාර්මික නිෂ්පාදන, කුඩා තේ වතු සඳහා පිවිසුම් මාර්ග ඉදිකිරීම සහ වැලිගම කොළ මැලවීමේ රෝගය පිළිබඳවද විශේෂ අවධානය යොමු විය.
















