මහනුවර ජාතික රෝහලේ ශල්‍ය හා විකලාංග ඒකකයේ රෝගී ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍යව තිබූ රුපියල් තුන්ලක්ෂ පනස් දහසක් පමණ වටිනා ‘Vital Sign Monitor’ යන්ත්‍රයක් මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණේ තරුණ ව්‍යවසායක කමිටුව විසින් පරිත්‍යාග කර තිබේ.
රෝහලේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ඉදිරියේදී තවත් ආධාර ලබා දෙන බව සිංහල වෙළෙඳ පෙරමුණේ තරුණ ව්‍යවසායක කමිටුවේ සභාපති ජී. තිලකසිරි මහතා ප්‍රකාශ කළේය. මෙම අවස්ථාව සඳහා මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසූරිය, ශල්‍ය හා විකලාංග වාට්ටුව භාර වෛද්‍ය නිරෝෂන් ජයරත්න, මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණේ ලේකම් වෛද්‍ය සජීව කන්දේගෙදර ඇතුළු පිරිසක් සහභාගි වූහ.
















