නීතිවිරෝධී ලෙස මෙරටට වාහන ආනයනය කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ (12) පැය 3ක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මෙම වාහන ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු විසින් යෝෂිත රාජපක්ෂ මහතාද මීට සම්බන්ධ බවට ප්‍රකාශ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුඩ්ලර් මහතා පැවසීය. මෙම ප්‍රශ්න කිරීම කරනු ලැබුවේ යෝෂිත රාජපක්ෂ මහතාගේ සම්බන්ධයක් තිබේදැයි දැන ගැනීමට සහ ඉදිරි විමර්ශන සඳහා බවද ඔහු සඳහන් කළේය.
















