ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන කොමාන්ඩර් KUBO Takayuki ඊයේ (12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා හමු විය.
මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා විසින් 27 වන නාවික හමුදාපති ලෙස වැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා වෙත සිය සුභාශිංසන පිරිනමන ලදී. අනතුරුව, දෙරටේ නාවික හමුදා අතර ඇති සහයෝගිතාව ඇතුළු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව දෙපාර්ශ්වය සුහද පිළිසඳරක නිරත වූ අතර, මෙම හමුව සෙනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.
















