මහරගම නගරයේ කසළ ඉවත් කිරීමේ කටයුතු කුලී පදනම මත අධික මුදලක් වැය කර පෞද්ගලික වාහන යොදවා සිදු කර තිබූ දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා, නගර සභා අරමුදලින් මිලියන 25ක් වැය කර නව ටිපර් රථ 2ක් මිලදී ගෙන ඇත. මහරගම නගර සභාපති එස්.එම්. සමරකෝන් මහතා මේ බව පැවසුවේ මෙම රථ කසළ එක්රැස් කිරීම සඳහා පිටත් කිරීමට සූදානම් කර තිබූ අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා සඳහන් කළේ ආපදා කළමනාකරණ මණ්ඩලයෙන්ද කම්පැක්ට් රථයක් ලැබී ඇති බවත්, මීට අමතරව කසළ ඉවත් කිරීම සඳහා තවත් කම්පැක්ට් රථ දෙකක් තුර්කි රටින් රුපියල් මිලියන 58ක මුදලකට මිලදී ගැනීම සඳහා ඇණවුම් කර ඇති බවත්ය. එම රථ ලැබීමෙන් අනතුරුව මහරගම නගරයේ කසළ ඉවත් කිරීමේ කටයුතු වඩාත් සාර්ථකව සිදු කර ගැනීමට අවකාශ සැලසෙනු ඇත. මෙම අවස්ථාවට උප සභාපතිනි එන්. රංජනී ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ විපක්ෂ කණ්ඩායම් නායක මයිකල් පෙරේරා මහතාද සහභාගී වූහ.














