ආනයනික භාණ්ඩ සඳහා ලබන වසරේ සිට එස්.එල්.එස්. (SLS) ප්‍රමිතිය අනිවාර්ය කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරාංග අබේසිංහ මහතා පවසයි.
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ‘Scale Up 2.0‘ ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සංසදය කොළඹදී පැවැත්වූ අවස්ථාවේදී ප්‍රධාන දේශනය පවත්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, අඩුවෙන් තක්සේරු කර භාණ්ඩ ආනයනය කිරීම තහනම් කරන බවද අවධාරණය කළේය.
ව්‍යාපාරිකයන්ගේ වර්ධනයට ඍජුවම බලපාන වෙළෙඳපොළ ප්‍රවේශය, ප්‍රසම්පාදනය, ප්‍රමිතීන් සහ සහතික කිරීම්, ආයෝජන සූදානම, මූල්‍යකරණය සහ ඩිජිටල් තාක්ෂණය වැලඳගැනීම වැනි කරුණු කෙරෙහි මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු විය.














