ඇමරිකා එක්සත් ජනපදය සමඟ පවතින ගැටුම, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුර කාලය අවසන් කර ඉවත් වන තෙක් “දිගු කිරීමට” (prolong) ඉරානයට හැකියාව ඇති බව ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරියාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මොහොමඩ් රෙසා නක්ඩි ප්‍රකාශ කර තිබේ.
පීබීඑස් (PBS) වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ සතුරාට කිසිදු දිනක ප්‍රහාරයක් එල්ල කිරීමට නොහැකි වන පරිදි නිෂේධනීය බලයක් (deterrence) ළඟා කරගත යුතු බවයි. මෙම යුද්ධය දිගු කිරීම හරහා ඇමරිකාවට ක්ෂය වීමේ තත්ත්වයක් ඇති කළ හැකි බවත්, ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට සිතන ඕනෑම පාර්ශ්වයකට එය විශාල පිරිවැයක් වනු ඇති බවත් ඔහු පෙන්වා දී ඇත.
ඇමරිකාව කිසිදු උපායමාර්ගයකින් තොරව යුද්ධයක නිරත වන බවත්, යුද්ධය දීර්ඝ වීමත් සමඟ ඇමරිකානු හමුදාව අපපැහැදිලි කළ ප්‍රමාණයට වඩා දුර්වල බව තමන්ට වැටහී ගොස් ඇති බවත් නක්ඩි වැඩිදුරටත් කියා සිටියේය. තවද, හෝමුස් සමුද්‍ර සන්ධියේදී නෞකා ඉලක්ක කර ගනිමින් සිදු කරන ප්‍රහාර සහ ඉරාන මිසයිල නිෂ්පාදන ධාරිතාව පිළිබඳවද ඔහු මෙහිදී අදහස් දක්වා තිබේ.














