වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් උද්ගත වී ඇති දැඩි ජල හිඟය නිසා දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව 39,000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
අනුරාධපුර, පොළොන්නරුව, මුලතිව් සහ කිලිනොච්චි ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට මෙම වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත. පීඩාවට පත් ජනතාවට අවශ්‍ය පානීය ජලය සහ අනෙකුත් පහසුකම් ලබා දීම සඳහා මේ වන විට අවශ්‍ය විධිවිධාන යොදමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.














