ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය ආරම්භයේ සිට ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ කැරොලයින් ලෙවිට් (Karoline Leavitt) මෙම මස අවසානයේදී එම ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කර තිබේ.
ඉතිහාසයේ බාලම ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරයා වන 28 හැවිරිදි ලෙවිට්, සිය දරුවන් සහ පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපති ට්‍රම්ප් විසින් ටෲත් සෝෂල් (Truth Social) ඔස්සේ ප්‍රකාශ කර ඇත. ඉදිරි මැතිවරණ කටයුතු සහ රිපබ්ලිකන් පක්ෂයේ කටයුතු වෙනුවෙන් ඇය ඉදිරියේදී සිය ප්‍රධානතම බාහිර උපදේශිකාවක ලෙස කටයුතු කරනු ඇති බවද ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබේ.














