ජාතික ඩෙංගු මර්දන ඒකකයේ (NDCU) නවතම දත්තවලට අනුව, 2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 68 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,059 ක් දක්වා ඉක්මවා ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව, අගෝස්තු මාසයේ මේ දක්වා ගත වූ කාලය තුළ පමණක් රෝගීන් 5,714 ක් වාර්තා වී ඇති අතර, වසරේ මේ දක්වා වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයෙනි (රෝගීන් 29,971 කි). එසේම, දිවයින පුරා වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාශ 119 ක් අධි අවදානම් සහිත ප්‍රදේශ ලෙස නම් කර ඇති අතර, ගම්පහ (රෝගීන් 19,406) සහ කොළඹ (රෝගීන් 18,101) දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත.














