අද (13) දිනය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
‘එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් කටයුතු කරන ලෙසත්, අවශ්‍ය සූදානමින් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙ…’
මේ හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, එළිමහනේ අධික ලෙස වෙහෙස වන කටයුතුවල නිරත වීම පාලනය කිරීම සහ සෙවන සහිත ස්ථානවල විවේක ගැනීම ඇතුළු අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.














