ඉන්දියාවේ කොල්කටා නගරයේදී රිය පැදවීම පුහුණු වෙමින් සිටි 42 හැවිරිදි කාන්තාවක් ඇය පැදවූ මෝටර් රථයේ පාලනය ගිලිහී පොකුණකට වැටීමෙන් දියේ ගිලී මියගොස් තිබේ.
මෙම අනතුර කොල්කටා නගරයේ කෙස්ටෝපූර්හි ප්‍රෆුල්ල කනන් (බටහිර) ප්‍රදේශයේදී සිදුව ඇත. ප්‍රදේශවාසියෙකු සඳහන් කළේ සුමිත්‍රා දාස් නමැති කාන්තාව තම දියණිය පාසලට ස්කූටරයකින් රැගෙන ගොස් පැමිණීමෙන් පසු මෙම රිය පුහුණුව සිදු කර ඇති බවයි.














