2026 වසරේ ජූලි මාසය සඳහා වන එකතු කළ අගය මත බද්ද (VAT) අගෝස්තු 20 වන දිනට පෙර ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. බදු නොගෙවීම හෝ ප්‍රමාද වී ගෙවීම සඳහා දඩ නියම කරන බවද එම දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.
චෙක්පතකින්, බැංකු අණකරයකින් හෝ ගෙවීම් ඇණවුමකින් සිදු කරනු ලබන ගෙවීමක් නියමිත දිනය පසුවී ලැබීමද ප්‍රමාද ගෙවීමක් ලෙස සලකනු ලබන අතර, ජූලි මාසය සඳහා වන වැට් වාර්තා මාර්ගගත ක්‍රමය (Online) මගින් අගෝස්තු මස 31 වන දින හෝ එදිනට පෙර භාරදිය යුතුය.
මීට අමතරව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නන් වෙත පහත සඳහන් වැදගත් දිනයන්ද සිහිපත් කරනු ලබයි:
රඳවාගත් බදු (Withholding Tax):අගෝස්තු මස 15 වෙනිදාට හෝ ඊට පෙර ගෙවිය යුතුය.
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL – ජූලි මාසය): අගෝස්තු 20 වෙනිදාට හෝ ඊට පෙර ගෙවිය යුතුය.














