සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘බැකෝ සමන්’ නැමැත්තාගේ මවට වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියක් ඌරුබොක්ක පොලීසිය විසින් සොයාගෙන තිබේ.
ඌරුබොක්ක මාතර මාර්ගයේ දම්පහල පොල්වත්ත ප්‍රදේශයේ බෝක්කුවක් අසල තේ ඉඩමකට දමා ගොස් තිබියදී ලැබුණු තොරතුරක් මත මෙම යතුරුපැදිය සොයාගෙන ඇත. මිද්දෙණිය පොලිස් වසමේ උලහිටියාව ප්‍රදේශයේ නිවසකට ඊයේ (12) පස්වරුවේ පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබුණි.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ‘බැකෝ සමන්’ නැමැත්තාගේ මව මිද්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, පිස්තෝල වර්ගයේ ගිනි අවියක් යොදාගෙන මෙම ඝාතනය සිදු කර ඇති බවට සැක කෙරේ. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැති අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














