14 වන ආසියානු නෙට්බෝල් ශූරතාවලිය – 2026 යටතේ ශ්‍රී ලංකාව ඊයේ (12) මාලදිවයිනට එරෙහිව පැවති මූලික වටයේ අවසන් තරගයෙන් ලකුණු 78-35ක පහසු ජයක් වාර්තා කළේය.
කාර්තු හතරේම කිසිදු අභියෝගයකින් තොරව ජය සනාත කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පිළිවෙළින් 21-09, 24-11, 16-03 සහ 17-10 ලෙස ලකුණු සටහන් කළහ. මෙම තරගයේදී තිසාලා අල්ගම (97%ක විදුම් සාමාන්‍යක් සමඟ), රෂ්මි පෙරේරා සහ දුලංගි වන්නිතිලක විදින්නියන් ලෙස දස්කම් දැක්වූහ.
මූලික වටයේ තරග අවසන් වන විට මැලේසියාව, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව එක් තරගය බැගින් පරාජය වී ඇති අතර, ඒ අනුව පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතරත්, දෙවන අවසන් පූර්ව තරගය මැලේසියාව සහ හොංකොං අතරත් හෙට පැවැත්වීමට නියමිතය.














