BYD සහ එහි ශ්‍රී ලංකා බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto ආයතනය, BYD ගාල්ල ප්‍රදර්ශනාගාරය විසින් සේවා වාර 1,000ක් සහ වාහන බෙදාහැරීම් 1,000ක් සම්පූර්ණ කිරීමේ සුවිශේෂී මයිල් කණුව පසුකර යාම අභිමානයෙන් යුතුව සනිටුහන් කර ඇත. පාරිභෝගිකයන් විසින් BYD සන්නාමය කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසය මෙම ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකයයි.
පාරිභෝගිකයන් සමඟ ගොඩනගාගත් ශක්තිමත් සබඳතා මෙන්ම, විශිෂ්ට හිමිකාරීත්ව අත්දැකීමක් ලබා දීමට BYD සතු කැපවීම මෙමඟින් මනාව තහවුරු වේ. සන්නාමය අඛණ්ඩව වර්ධනය වනවත්ම, අලෙවියෙන් පසු සේවාවන් තවදුරටත් වැඩිදියුණු කිරීමටත්, සහයෝගීතා ජාලය ශක්තිමත් කිරීමටත්, වාහන හිමිකාරීත්ව ගමනේ සෑම අදියරකදීම පාරිභෝගිකයන්ට විශ්වාසනීය සේවාවක් ලබා දීමටත් ඔවුන් නිරන්තරයෙන් කැපවී සිටී.














