ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දත්තවලට අනුව, ජුනි මාසයේ ජාතික නිල දරිද්‍රතා රේඛාව රුපියල් 17,592ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙය පසුගිය මැයි මාසයට සාපේක්ෂව රුපියල් 277ක ඉහළ යාමක් වන අතර, පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය වන අවම මුදල නිල දරිද්‍රතා රේඛාව මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.
දිස්ත්‍රික්ක අනුව දරිද්‍රතා රේඛාවේ අගයන්:
කොළඹ දිස්ත්‍රික්කය: රුපියල් 18,973ක් දක්වා ඉහළ ගොස් ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය: රුපියල් 18,876ක් ලෙස සටහන් වේ.
මොණරාගල දිස්ත්‍රික්කය: දරිද්‍රතා රේඛාවේ අවම අගය ලෙස රුපියල් 16,821ක් වාර්තා වේ.














