දෙහිවල ප්‍රදේශයේ රූපලාවණ්‍ය ආයතනයක් වටලා, කල් ඉකුත් වූ ක්‍රීම් වර්ග සහ ආලේපන භාවිතා කරමින් සේවා සැපයූ එම ආයතනයේ හිමිකරුවෙකු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලද පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකර තිබේ. එහිදී, හිස සම්භාහනය කිරීම සඳහා යොදා ගන්නා කල් ඉකුත් වූ ක්‍රීම් වර්ග සහ අනෙකුත් රූපලාවණ්‍ය ආලේපන රැසක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විය.
එම ආයතනයේ තිබී සොයා ගත් කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිය භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් හිමිකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














